මීරිගම – කොළඹ කොටුව දුම්රිය පිලී පනී | මීරිගම දුම්රිය ස්ථානය අසළ අනතුර

මීරිගම – කොළඹ කොටුව දුම්රිය පිලී පනී | මීරිගම දුම්රිය ස්ථානය අසළ අනතුර

මීරිගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (26) සවස 4.15 ට පමණ මීරිගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමෙන් ස්වල්ප වේලාවකින් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම දුම්රියේ මැදිරි එකක රෝද කිහිපයක් මෙලෙස පිලී පැන ඇති බවයි. අනතුර සිදුවූ අවස්ථාවේ දුම්රිය අඩු වේගයෙන් ධාවනය වූ බවත්, මේ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් සඳහන් වේ.

සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට කෙටි කාලයක් සඳහා බාධා එල්ල වූ අතර, තාක්ෂණික කණ්ඩායම් විසින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම පිලී පැනීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media