Grinder අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට – කටාන, කඳවල ශෝකජනක සිද්ධියක්

Grinder අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට – කටාන, කඳවල ශෝකජනක සිද්ධියක්

කටාන, කඳවල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවකු ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී පපුවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම සිසුවා  පවුලේ ඥාතියෙකුට අයත් වැඩපළකට පසුගිය 11 වැනිදා පෙරවරුවේ ගිය අවස්ථාවකදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

එහිදී, ඔහු පීවීසී බටයක් කැපීමට ග්‍රයින්ඩරයක් භාවිතා කරමින් සිටි අවස්ථාවේදී, ග්‍රයින්ඩරයේ තලය කැඩී විසිවී පපුවේ වැදීමෙන් බරපතළ තත්ත්වයක් ඇතිව තිබේ. තලය පපුව පසාරු වී දැඩි තුවාලයක් ඇතිවීම හේතුවෙන් ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක ගුණසේන සහ පොලිස් සැරයන් විජිත (12906) යන නිලධාරීන්ගේ මගපෙන්වීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

මෙම සිදුවීම පෙන්වා දෙන්නේ, බලශක්තිමත් උපකරණ භාවිතය සඳහා නිසි ආරක්ෂණ මාර්ගෝපදේශ නොමැති වීමෙන් තරුණ ජීවිතයක් නැතිවිය හැකි ආකාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media