ලක්ෂ දෙකහමාරක් අල්ලස් ගත් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

ලක්ෂ දෙකහමාරක් අල්ලස් ගත් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

ජා–ඇල, දඩුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී, රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීමට අල්ලස් මුදල් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු සොරකම් කළ බවට සඳහන් රන් භාණ්ඩ වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට චෝදනා කරමින්, එම සොර බඩු සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමටත්, අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමටත් රුපියල් 300,000ක මුදලක් සහ රන් පවුම් 4ක ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අල්ලස් වශයෙන් රුපියල් 250,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී 2025 දෙසැම්බර් 25 වන දින පස්වරු 3.10ට පමණ ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී සැකකාර පොලිස් නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media