ලබන 23 වන දිනෙන් පසුව දිවයින තුළ පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණය ප්‍රබලව පවතින බවත්, ඉදිරි දින කිහිපය තුළ එහි මෘදු වෙනස්කම් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට අයත් ප්‍රදේශවලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අලුයම් වේලාවන්හි මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවවාද කරයි.











Leave a Reply