මෙම වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,416 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වනවිට මරණ 04ක් ද වාර්තා වී ඇති බවයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
දින දෙකකට වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.











Leave a Reply