ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති 2–3 තුළ දී දිනයේ කිහිප පැය සඳහා ජල සැපයුම සීමා විය හැකි බවයි.
අඹතලේ ඇතුළු ජල පවිත්රාගාරවල නිෂ්පාදන ධාරිතාවට මේ වනවිට බලපෑමක් සිදු නොවුවත්, උස්බිම් සඳහා ජලය අඩුපීඩනය යටතේ ලබාදීම සිදුව ඇති බවත්, වැසි තත්ත්වය ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් ජලාපවහන සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජලය ආරක්ෂිතව පරිහරණය කිරීම සඳහා ජනතාවගෙන් අවධානයෙන් සිටීමටද, බවුසර් මගින් අඩුපීඩන යටතේ ජල බෙදාහැරීම සිදුකෙරෙන බවද දැනුම් දී ඇත.











Leave a Reply