බතික් එයාර් ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය කටුනායකට පැමිණෙයි

බතික් එයාර් ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය කටුනායකට පැමිණෙයි

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ (30) අලුයම බතික් එයාර් ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, සතියකට 04 වතාවක් (සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.

බෝයිං 737 වර්ගයේ ගුවන් යානයෙන් ගුවන් මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 04 දෙනෙකු පැමිණ සිටියහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බෙඩ්ලි හිෂාම් සින් ඇඩම් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media