භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින්, බස්නාහිර පළාතේ ගම්පහ – වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (28) සහභාගි විය.
ආහාර දෙපාර්තමේන්තුව සතු, වේයන්ගොඩ පිහිටි අක්කර 50ක පමණ වන දැනට අඩු ලෙස උපයෝජනය වන භූමි ප්‍රදේශය සංවර්ධනය කර, නව භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට රජය සැලසුම් කරයි.
මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමඟ, දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානය, සතිපොළ, හමුදා කඳවුර සහ ඖෂධ ගබඩාව ආශ්‍රිතව නව ප්‍රවාහන හා ගබඩා පහසුකම් ලබාදීමට නියමිතය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසමින්,
“ජනාධිපතිතුමා අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කළ ආකාරයට රජය පොදු සහ භාණ්ඩ ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට කටයුතු කරමින් සිටී. කොළඹ වරායට ආසන්න වේයන්ගොඩ ප්‍රදේශයේ මෙම නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඒ අනුව ප්‍රාදේශීය සහ ආයතනික අදහස් සැලකිල්ලට ගන්නා බවත්,”
එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඔහු තවදුරටත් පෙන්වාදුන්නේ,
“මේ ස්ථානයට 1990 දක්වා දුම්රිය සේවාව ක්‍රියාත්මක වූ අතර, එය නැවත ප්‍රවර්ධනය කිරීමත් සමඟ භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය මූලික පහසුකම් සපයන බව,” යන්නයි.











Leave a Reply