,

වෛද්‍යවරුන්ගෙන් අදත් සියලු රෝහල්වල පැය 24ක වර්ජනයක්… රෝහල් සේවාවන්ට බලපෑම්

වෛද්‍යවරුන්ගෙන් අදත් සියලු රෝහල්වල පැය 24ක වර්ජනයක්… රෝහල් සේවාවන්ට බලපෑම්

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.

අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පළ කරමින් දිවයින පුරා සියලු රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේ ද වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර, ගැටලු සඳහා තවමත් විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත්, මෙම වැඩවර්ජන කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media