උසස් පෙළ තාක්ෂණයෙන් දිවයිනේ ප්‍රථමයා ගම්පහෙන්… බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන්ට විශිෂ්ට ජයක්

උසස් පෙළ තාක්ෂණයෙන් දිවයිනේ ප්‍රථමයා ගම්පහෙන්… බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන්ට විශිෂ්ට ජයක්

2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් අනුජය වනිගසූරිය ශිෂ්‍යයා හිමිකරගෙන ඇත.

ගම්පහ ඉහළගම ප්‍රදේශයේ පදිංචි හේෂාන්, මූලික අධ්‍යාපනය ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයෙන් ලබාගෙන, 5 වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 170ක් ලබා බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වී ඇත.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයන් 09ටම A සාමාර්ථ ලබාගත් ඔහු, එම විද්‍යාලයේම තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.

තමාගේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් හේෂාන් සඳහන් කළේ, පාසලෙන් දෙන පාඩම් සහ අභ්‍යාස නිතර අධ්‍යයනය කිරීම සහ ස්ථිර අධිෂ්ඨානය තමන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූ බවයි.

තමන්ට ඉගැන්වූ ගුරු මණ්ඩලය, විදුහල්පතිවරුන් සහ පවුලේ සාමාජිකයන් විසින් ලබාදුන් සහයෝගය පිළිබඳවද ඔහු කෘතඥතාව පළ කළේය.

අධ්‍යාපනයට අමතරව හේෂාන් පාසල් අතිරේක ක්‍රියාකාරකම්වලද සක්‍රීයව සම්බන්ධ වී ඇති අතර, අපරදිග තූර්ය වාදක කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ තාක්ෂණ සංගමයේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.

අනාගතයේදී ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉදිරියට යාම තම බලාපොරොත්තුව බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media