“සියනෑ පුරය බත බුලතින් සරු කරමු” යන තේමාව යටතේ යක්කල ප්‍රදේශයේ ඇළ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණි.
මෙම වැඩසටහන බෝගමුව වැලිපිල්ලෑව වෙල්යාය අසලදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඉදිරි කටයුතු සඳහා විමධ්‍යගත අරමුදල් යටතේ රුපියල් මිලියන 120ක් වැය කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ගම්පහ පුරපති එරික් එදිරිවික්‍රම, නාගරික මන්ත්‍රී උපුල් ඉන්දික පතිරාජ, ගම්පහ ප්‍රාදේශීය සභාපති සෙනරත් පීරිස්, යක්කල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි නීරාසා රාජපක්ෂ, අලුත්ගම බෝගමුව උතුර ගොවි සංවිධානයේ ලේකම් ධම්මිකා නන්දනී ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.











Leave a Reply