ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ පිරිසුදු කිරීමේ වැඩසටහනක් ගම්පහ මහනගර සභාව මඟින් පෙරේදා (24) දින ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන යටතේ ගම්පහ නගරයේ සහ අවට ප්‍රදේශවල මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසුදු කිරීම, කැළිකසළ ඉවත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කෙරිණි.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතින පසුබිමක ගම්පහ ප්‍රදේශයේද රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහනගර සභා බලධාරීන් සඳහන් කරයි.
නිවාස හා ව්‍යාපාරික ස්ථාන අවට ජලය රැඳී සිටිය හැකි භාජන, ටයර් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර පරිසරය පිරිසුදුව තබා ගැනීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔවුන් අවධාරණය කර ඇත.











Leave a Reply