ප්‍රදේශ රැසකට අදත් වැසි සහ ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට අදත් වැසි සහ ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම ඌව පළාතේත් පොළොන්නරුව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම, ගස් යට සහ විදුලි රැහැන් ආසන්නයේ රැඳී නොසිටීම මෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීම වැදගත් බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media