ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මෙම වසරේ ගත වූ මාස හය තුළ ඩෙංගු රෝගීන් 7,700කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ලලින්ද ගමගේ මහතා පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී දිසාපතිවරයා මේ බව අනාවරණය කළේය.
සෞඛ්‍ය අංශ ලබා දී ඇති දත්ත අනුව බියගම, මහර, කැලණිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට පරිශ්‍ර පරීක්ෂා කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති අතර, එම වැඩසටහන් ජූලි 05 වැනිදා සිට සති තුනක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අංශවල මගපෙන්වීම යටතේ පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ස්වේච්ඡා සංවිධාන එක්ව ග්‍රාම නිලධාරී වසම් 1,177ක් ආවරණය වන පරිදි නිවාස, පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන සහ වැඩබිම් පරීක්ෂා කිරීමට නියමිතය.
මදුරුවන් බෝවන පරිසරයක් පවත්වාගෙන යන ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද දිසාපති ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.











Leave a Reply