කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මැයි 11 වනදා පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවට ද කාලගුණ අංශ අනාවැකි පළ කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පැවතිය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.











Leave a Reply