මිලියන 200ක වියදමින් ඉදිකළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම රසායනාගාරය කිරිඳිවැල, මණ්ඩාවල, නැදුන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි පූගොඩ සුරාබදු ස්ථානයේදී විවෘත කෙරුණි.
මෙම රසායනාගාරය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනතා අයිතියට පත් කෙරිණි. එම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේවික්‍රම මහතා ඇතුළු ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ද සහභාගි වූහ.
අය-වැය ප්‍රතිපාදන යටතේ වසර 7කට පෙර අනුමත කරන ලද මුදල් යොදවමින් මෙම මධ්‍යම රසායනාගාරය ස්ථාපිත කර ඇති අතර, මෙය මඟින් මත්පැන් නිෂ්පාදනාගාර 20කට අධික ප්‍රමාණයක මත්පැන් නියැදි පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ, 2025 වසරේ සම්මත අය-වැයෙන් අපේක්ෂිත ආදායම ඉක්මවා රුපියල් ට්‍රිලියන 5.3ක් දක්වා ආදායම රැස් කිරීමට රජය සමත් වී ඇති බවයි. එම ආදායමට දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු විශාල දායකත්වයක් ලබාදී ඇති බවත් ඔහු පැවසීය.
මෙම නව මධ්‍යම රසායනාගාරය ක්‍රියාත්මක වීමත් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු තවදුරටත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇති බවත්, රාජ්‍ය ආදායම් වැඩි කිරීම සඳහා මෙය වැදගත් පියවරක් බවත් උත්සවයේදී අවධාරණය කෙරිණි.











Leave a Reply