ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසු දරුවන්, කර්මාන්තකරුවන් සහ සාමාන්‍ය ජනතාව සඳහා රජයෙන් ලබාදෙන ආධාර මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව රුපියල් 25,000ක දීමනාව ගෙවීම පෙරේදා (27) වන විට සියයට 96කට වැඩි ප්‍රගතියක් ලබා ඇති අතර, අනෙකුත් දීමනා ද කඩිනමින් ගෙවීම් සිදු කරමින් පවතින බව සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ගංවතුරින් යටවූ නිවාස පිරිසිදු කිරීම යටතේ නිවාස 75,203ක් සඳහා ගෙවීම් සිදු කර ඇති අතර එහි ප්‍රගතිය සියයට 95කට ඉක්මවයි.
එසේම ගෘහ උපකරණ සහ මුළුතැන්ගේ උපකරණ සඳහා නිවාස 40,000කට ගෙවීම් සිදු කිරීමට නියමිත අතර, මේ වන විට රුපියල් 271,650,000ක මුදලක් ගෙවා අවසන් කර ඇත.
දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දත්ත අනුව රුපියල් 25,000 බැගින් වූ කුලී දීමනාව නිවාස 202කට ගෙවා ඇති අතර එහි ප්‍රගතිය සියයට 56කි. ජීවනෝපාය සඳහා රුපියල් 50,000 බැගින් වූ දීමනාව දෙසැම්බර් මාසය සඳහා පවුල් ඒකක 72කින් ඒකක 43කට ගෙවා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 59ක් වේ.
පීඩාවට පත් පාසල් දරුවන්ට රුපියල් 15,000 බැගින් වූ දීමනාව සිසුන් 50,288කට ගෙවීමට නියමිත අතර මේ වන විට රුපියල් 152,655,000ක මුදලක් ගෙවා අවසන් කර ඇත. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත 205කට සිදු වූ හානි වෙනුවෙන් රුපියල් 6,600,000ක මුදලක් ගෙවා ඇති බව ද සඳහන් වේ.
ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ, පීඩාවට පත් පුද්ගලයින්, පාසල් දරුවන්, කර්මාන්තකරුවන් සහ නිවාසලාභීන් වෙනුවෙන් අදාළ නිලධාරීන්ගේ නිර්දේශ මත සියලු ගෙවීම් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.











Leave a Reply