අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේදී

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේදී

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ගයක් නොමැති පවුල් සහ විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ ආර්ථික ජීවිතය සවිබල ගැන්වීමේ අරමුණින්, ස්වයං රැකියාවන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 350ක මුදලක් රාජ්‍ය නොවන සංවිධානයක් වන කටාර් චැරටි ආයතනය විසින් ප්‍රදානය කර තිබේ. ඒ යටතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කින් පුද්ගලයන් 560 දෙනෙකුට ජුකී මහන යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර, ගෘහ උපකරණ කට්ටල ඇතුළු උපකරණ ලබා දීම සිදු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

ඒමෙන්ම, වැඩසටහනට අතිරේක දිසාපති සුගත් කිත්සිරි, සහකාර දිසාපතිනි නිලන්ති කුමාරි, කටාර් චැරටි ව්‍යාපෘති සම්බන්ධීකාරක මොහොමඩ් තාරික්, ව්‍යාපෘති නිලධාරී එස්.ෆයිසාල්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ශ්‍රීමාලි පෙරේරා, සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිම්මි විජේසූරිය ඇතුළු පිරිසක් සහභාගී වී තිබියි.

මෙම වැඩසටහනින් ස්වයං රැකියාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන පිරිසට ආර්ථිකව ස්වයංපෝෂිත වීමට වැදගත් පිවිසුමක් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media