අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිත කරමින් බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව, කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 29 සහ 31 වයස්වල පසුවන ගල්කිස්ස සහ උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 34ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 420ක් සහ හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 860ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 351,200ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන මෝටර් රථ දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.











Leave a Reply