15 හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බවට චෝදනා – රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සොයා විමර්ශන

15 හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බවට චෝදනා – රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සොයා විමර්ශන

15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් රාගම රෝහලේ සේවය කරන අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු පදිංචිව සිටින ගම්පහ ප්‍රදේශයේ නිවසකදී අදාළ සිසුවාට මෙම අපයෝජනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අපයෝජනයට ලක්වූ බව කියන සිසුවාගේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක අතර, පමුණුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැබැදි පුවත් >>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media