ආසියානු කුසලාන විස්සයි20 – බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක්

ආසියානු කුසලාන විස්සයි20 – බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක්

ඊයේ (13) අබුඩාබිහිදී පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ තරගයකදී, ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය ට එරෙහිව කඩුලු 06ක පහසු ජයක් දිනා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය ආරාධනා කළේය. ඉන්පසු පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම මුල් කඩුලු දවී දැඩි අසීරු තත්ත්වයට පත් විය.

නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, කමිල් මිෂාර, වනිඳු හසරංග සහ මෙහෙදි හසන් ගෙනගත් කඩුලු හරහා බංග්ලාදේශය අසරණ තත්ත්වයට පත් විය. මුල් කඩුලු 5 ක් ලකුණු 53ක් තුළ බිඳ වැටුණද, ජේකර් අලි සහ සමීම් හොසේන්ගේ ඉනිම හේතුවෙන් පන්දුවාර 20ක අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට ඔවුන් සමත්වූහ.

එමගින් ලකුණු 140ක ඉලක්කය ලැබූ ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම තුළ පන්දුවාර 14යි පන්දු 04කදී කඩුලු 04ක් දැවී එම ඉලක්කය ලබා ගනිමින් ජයග්‍රහණය දරාගත්තේය.

විශිෂ්ට පිතිකරණයක් සමග පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගනිමින් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 2,000ක සීමාව පසු කළ තෙවන ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස ඉතිහාසගත විය. කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් දායක වූ අතර, එමඟින් ජයග්‍රහණය තහවුරු කළේය.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය විස්සයි20 තරගයකදී මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව වන අතර, මීට පෙර සාජා සහ ඩුබායි හි පැවති තරග දෙකද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබුණි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පෙර ගියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media