ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු සේවක විරෝධතාවය කටුනායකදී

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු සේවක විරෝධතාවය කටුනායකදී

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය ඊයේ (13) පස්වරුවේ කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරියේදී පැවැත්වුණි.

මෙම උද්ඝෝෂණයට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ කටුනායක ස්ටාර් ගාමන්ට් ශාඛාවේ සේවක සේවිකාවන් 500 ක් පමණ සහභාගී විය.

විරෝධතාකරුවන් පැවසුවේ, ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු නිසා ස්ටාර් ගාමන්ට් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ට වසර ගණනාවක සිට ලබා දෙන නිල ඇදුම්, වාර්ෂික විනෝද චාරිකාව, වාර අවසාන සුහද හමුව, වාර්ෂික ක්‍රීඩා උත්සවය සහ නව වසරේ ත්‍යාග දීමනා ආයතන පරිපාලනය විසින් කපා හැර ඇති බවය.

එමඟින් ඇමෙරිකානු වෙළෙඳපොළ වෙත යවන භාණ්ඩවල මිල ඉහළ යාමත්, අලෙවිය පහත වැටීමත් හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීමේ අවදානමක් ඇති වී ඇති බවත් නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසීය.

ඒ අනුව, මෙම තීරු බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා 16,000 කට ආසන්න ගණනක අහිමිවීමේ අවධානමක් පර්යේෂණ මගින් හෙළිවී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, රජය වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකිරීම පිළිබඳවද ඔහු චෝදනා කරමින්, කම්කරු දුක්බර තත්ත්වය සම්බන්ධයෙන් වහාම විවෘත සංවාදයකට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media