උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට සැලසුම්

උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට සැලසුම්

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසයි

උසස් පෙළ විභාග ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.

පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගයේ විෂයයන් කිහිපයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමීමට සිදු වූ අතර, එම විෂයයන් ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වුණි. එමෙන්ම විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ද ජනවාරි 16 වැනිදා අවසන් කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා තුන් ලක්ෂයකට ආසන්න අයැදුම්කරුවන් පිරිසක් පෙනී සිටියහ.

මේ අතර, ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඊයේ සිට ආරම්භ කර ඇති අතර, අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන මස 24 වැනිදා ලෙස දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media