ඒකල LPS Lanka ඇඟලුම් කර්මාන්ත ශාලාව වැසීමෙන් සේවකයින් විරෝධතාවක

ඒකල LPS Lanka ඇඟලුම් කර්මාන්ත ශාලාව වැසීමෙන් සේවකයින් විරෝධතාවක

ඒකල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් සේවක සේවිකාවන් 500කට අධික පිරිසක් ඊයේ (26) එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

ඒකල පිහිටි එල්.පී.එස්. ලංකා (LPS Lanka) ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක පිරිස පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, ආයතනයේ පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සේවකයෙකු සඳහන් කළේ පසුගිය සඳුදා දින සේවයට පැමිණි අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටු ඉබි යතුරු දමා වසා තිබූ බවයි.

කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීම හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇති බවත්, රැකියා අහිමි වීමෙන් පවුල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් සේවකයෝ පෙන්වා දෙති.

මේ අතර, ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදී කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙසද විරෝධතාකරුවන් රජයෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media