පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පූගොඩ පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් අනාවරණය වී නොමැති අතර, සැකකරු අධිකරණ කටයුතු පැවති දිනයේ අධිකරණ පරිශ්‍රයට පැමිණ එහි සැඟව සිට රාත්‍රී කාලයේදී නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වන්නට ඇති බවට සැක පළ කරන බවයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ මුදල් සේප්පුවට හෝ ගිනි අවි ඇතුළු වටිනා භාණ්ඩවලට කිසිදු හානියක් සිදුකර නොමැති බවය.

කෙසේ වෙතත්, එහි තැන්පත් කර තිබූ මත්ද්‍රව්‍ය සම්බන්ධ භාණ්ඩ සොයා බැලීමේ අරමුණින් මෙම අනවසර ඇතුළුවීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media