වත්තල ශ්‍රී අභය විහාරයේ වෙසක් මහ පෙරහරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කෙරේ

වත්තල ශ්‍රී අභය විහාරයේ වෙසක් මහ පෙරහරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කෙරේ

වත්තල, වැලිකඩමුල්ල ශ්‍රී අභය විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහ පෙරහර මංගල්‍යය පසුගියදා රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළේය.

පෙරහරේ විශේෂ අවස්ථාවක් ලෙස සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීමේ චාරිත්‍රය රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු මෙන්ම කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.

ආගමික වතාවත් සහ සම්ප්‍රදායික සංස්කෘතික අංග රැසකින් සමන්විත මෙම පෙරහර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූ අතර, වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික අර්ථය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media