කඩවත අධිවේගී මාර්ගය අසල ජල නළයක හදිසි බිඳවැටීමක් – මහර සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කඩවත අධිවේගී මාර්ගය අසල ජල නළයක හදිසි බිඳවැටීමක් – මහර සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (19) සහ හෙට (20) පෙරවරු 8.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.

ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා අවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සූදානම් කර ඇති බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අදාළ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර, වැඩිදුර තොරතුරු සඳහා 1939 දුරකථන අංකය ඔස්සේ විමසිය හැකි බවද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media