කඩවත බස් නැවතුම්පොළ අසල අනතුරකින් පුද්ගලයෙකු මරුට

කඩවත බස් නැවතුම්පොළ අසල අනතුරකින් පුද්ගලයෙකු මරුට

කඩවත බස් නැවතුම්පොළ අසල අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ බස් රථයක් කඩවත බස් නැවතුම්පොළ තුළට ධාවනය කරමින් සිටියදී පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වහාම රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කඩවත පොලීසිය විසින් සිදු කරනු ලබයි.

One response to “කඩවත බස් නැවතුම්පොළ අසල අනතුරකින් පුද්ගලයෙකු මරුට”

  1. Dina Perera Avatar
    Dina Perera

    Wow, news like this always hits hard. It’s a stark reminder that safety comes first in any service, from transit to beauty. In Suplery we focus on helping beauty pros manage, track, and deliver with peace of mind, so you can keep clients safe and happy. My statement can be biased, but I’ve seen how a unified dashboard for stock, orders, and real-time updates prevents chaos. For barbershops and salons, Suplery offers a professional platform with inventory and order management plus an online shop, plus direct brand chat to resolve issues fast. If you’re in skincare or waxing, consider the starter kits and service protocols to streamline onboarding.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media