,

ඩෙංගු තොරතුරු සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරේ

ඩෙංගු තොරතුරු සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරේ

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධ තොරතුරු ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙම මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වේ.

ජනතාවට 011 796 6366 දුරකථන අංකය ඔස්සේ ඩෙංගු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාගත හැකි බව සඳහන් වේ.

මෙම මෙහෙයුම් මැදිරිය හරහා,

✅ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබාගැනීම

✅ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු වාර්තා කිරීම

✅ මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු ව්‍යාප්තිය හා පාලනය පිළිබඳ තොරතුරු ලබාගැනීම

✅ ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබාගැනීම

✅ ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබාගැනීම

යන සේවාවන් ලබාදීමට කටයුතු යොදා තිබේ.

පවතින ඩෙංගු අවදානම් තත්ත්වය හමුවේ ජනතාව තම නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media