රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ කඩවත නගරය පිරිසිදු කිරීමේ විශාල ශ්‍රම මෙහෙයුමක් ඊයේ (29) සාර්ථකව පැවැත්විණි.
බියගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට සෞඛ්‍ය අංශ, පොලිසිය, වෙළෙඳ සංගම්, ප්‍රජා සංවිධාන සහ කාන්තා සමිති එකමුතුව ඇතුළු පාර්ශව රැසක් එක්වූහ.
කඩවත අධිවේගී මාර්ගයේ ගුවන් පාලම අසලින් ආරම්භ වූ මෙම ශ්‍රම මෙහෙයුම මහර හන්දිය දක්වා පැවැත්වුණ අතර, පරිසර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා විශාල පිරිසක් සක්‍රීයව සහභාගී විය.
මෙම වැඩසටහනට මහජන නියෝජිතයින්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු 500කට අධික පිරිසක් එක්වී තිබුණා.











Leave a Reply