“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ක්‍රියාත්මක රජයේ ජාතික නිවාස වැඩසටහනට අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 10ක් සඳහා නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා (17) කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම චෙක්පත් ප්‍රදානය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රජයේ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ 2026 වසර තුළ දිවයින පුරා නිවාස 9,700ක් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති අතර, එයින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1,058කට නිවාස ලබාදීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.
මෙම වැඩසටහන සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්, නිවාස සංවර්ධන අංශයේ නිලධාරීන් සහ ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.











Leave a Reply