“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක රජයේ හිමිකම් ඔප්පු ප්‍රදාන ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් උත්සවය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වන අතර, දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල වසර 30කට වැඩි කාලයක් පදිංචිව සිටින, නීත්‍යනුකූල හිමිකමක් නොමැති පුද්ගලයින්ට හිමිකම් ඔප්පු ලබාදීම මෙහි අරමුණයි.
මෙහිදී ගම්පහ දිස්ත්‍රික් පදිංචිකරුවන් 75 දෙනෙකුට හිමිකම් ඔප්පු ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, රුවන් මාපලගම, රුවන් තිලක ජයකොඩි, චම්පික හෙට්ටිආරච්චි, ස්ටෙෆ්නි ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිහාල් රණවක, ගම්පහ පුරපති එරික් එදිරිවික්‍රම ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ද සහභාගි වූහ.











Leave a Reply