ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව රජයේ සහ පෞද්ගලික පාසල්, පෙර පාසල්, උපකාරක පන්ති මධ්‍යස්ථාන සහ අනෙකුත් අධ්‍යාපන ආයතන පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන පිරිසිදු කිරීම, මදුරු කීටයන් විනාශ කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පසුගිය ජුනි 15 වැනිදා සිට දිවයින පුරා ජාතික ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කෙරුණු අතර, එහි කොටසක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
එමෙන්ම හෙට (19) දිනයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ජුනි 20 වැනිදා පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.











Leave a Reply