දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට මූල්‍යාධාර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට මූල්‍යාධාර

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 90 දෙනෙකුට සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (20) වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරිකයින් වෙත මූල්‍ය සහන ලබාදෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්වය දියුණු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

“රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට නම් එහි කොඳු නාරටිය බඳු කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතුයි. අද ලබාදෙන මෙම මූල්‍යාධාර තවත් එක් සහනාධාරයක් පමණක් නොවෙයි. දිරිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් ලෙසයි රජය මෙය දකින්නේ. එබැවින් මෙම සහාය ඵලදායී ලෙස භාවිත කරමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස ඉල්ලා සිටිනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම් මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වත්තල සහකාර ප්‍රාදේශීය ලේකම් සඳමාලි මහත්මිය, ග්‍රාම නිලධාරීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media