දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00ට පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලටත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ වේගයෙන් තද සුළං හමන බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඊට අමතරව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media