,

දොම්පේ ජනතාවට සහනයක් – පූගොඩ සමුපකාරයෙන් නව වෛද්‍ය මධ්‍යස්ථානයක්

දොම්පේ ජනතාවට සහනයක් – පූගොඩ සමුපකාරයෙන් නව වෛද්‍ය මධ්‍යස්ථානයක්

දොම්පේ පූගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ මෙහෙයවීමෙන් ස්ථාපිත කළ නව වෛද්‍ය මධ්‍යස්ථානයක් පසුගියදා දොම්පේ, කිඹුල්විලවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

දොම්පේ පූගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිනි තරංගා අමාලි මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ආරම්භ කළ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශවාසීන්ට වෛද්‍ය පරීක්ෂණ, ප්‍රතිකාර සේවා සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

ප්‍රදේශයේ ජනතාවට නගරයට ගොස් වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා වැයවන කාලය සහ වියදම අවම කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බව සභාපතිනි තරංගා අමාලි මහත්මිය සඳහන් කළාය.

සහනදායී මිල ගණන් යටතේ ගුණාත්මක වෛද්‍ය සේවාවන් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, වෛද්‍ය ගයාන් පෙරේරා මහතා මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජන් දබරගේ මහතා, උප සභාපති රසික දර්ශන දමින්ද මහතා ඇතුළු සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media