මහර අඩු ආදායම්ලාභී පවුල් 31කට නව නිවාස ආධාර

මහර අඩු ආදායම්ලාභී පවුල් 31කට නව නිවාස ආධාර

අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ මහර ආසනයේ ප්‍රතිලාභීන් 31 දෙනෙකු සඳහා නිවාස ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා කඩවත රන්මුතුගල මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අනාරක්ෂිත නිවාසවල ජීවත්වන පවුල් 31ක් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා සමස්ත වශයෙන් රුපියල් මිලියන 31ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.

වැඩසටහනේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් වෙත මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂයක චෙක්පත් ප්‍රදානය කිරීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම නිවාස ආධාර මුදල් වාරික හතරකින් ලබාදීමට නියමිත අතර, ප්‍රතිලාභී පවුල්වලට ස්ථාවර සහ සුරක්ෂිත නිවසක් ඉදිකර ගැනීම සඳහා එය මහඟු පිටුවහලක් වනු ඇතැයි නිලධාරීහු පැවසූහ.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා, මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල ජයන්ත කළුආරච්චි මහතා, මහර සහකාර ප්‍රාදේශීය ලේකම් තුෂාණි ලක්මිණි රාජපක්ෂ මහත්මිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකරු කමල් එස්. අබේධීර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media