පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

උතුරු, උතුරු–මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි කාලය තුළ විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක් පමණ තරමක තද වැසි ඇති විය හැකි බව දැනුම් දෙයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු–මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 30–40 අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් වාහන ධාවනයේදී සහ දෛනික කටයුතු වලදී අවධානයෙන් කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media