පැවිදි සොහොයුරියක විදුහල්පතිනිය ලෙස පත්කරවා ගැනීමේ අරමුණින් සංවිධානය කළ සාමකාමී යැදුම් පා ගමනක් ඊයේ (11) පෙරවරුවේ හැඳල හන්දියේදී ආරම්භ විය.
කතෝලික පාසල් රැකගැනීමේ ජාතික එකමුතුව විසින් සංවිධානය කළ මෙම පා ගමන සඳහා කතෝලික පියතුමන්ලා, පැවිදි සොහොයුරියන්, කතෝලික පාසල්වල ආදි සිසුන්, ගුරුවරුන්, යහපත් එඩේරා කන්‍යාරාමයේ දෙමාපියන් සහ ආදි ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
වත්තල ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.
මෙහිදී විශේෂත්වයක් වූයේ ආගමික හෝ ජාතික භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මෙන්ම බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික ප්‍රජාවන් ද මෙම පා ගමනට සහභාගී වීමයි.
ඒ හරහා ප්‍රදේශයේ පවතින සාමූහිකත්වය සහ ආගමික සහජීවනය මැනවින් පිළිබිඹු වූ බව සංවිධායකයෝ පෙන්වා දෙති.
මෙම සාමකාමී යැදුම් පා ගමන මගින් අධ්‍යාපන ආයතනවල සදාචාරාත්මක සහ සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමුකර තිබුණි.











Leave a Reply