ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක “පුබුදමු කැකුළු ළමා පොකුර” වැඩසටහන් මාලාවට සමගාමීව, 2026 වර්ෂයට අදාල වැඩසටහන පසුගියදා මීගමුව කැටමරන් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කර තිබුණි.
අධි අවදානම් සහිත දරුවන් මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීමත්, එමගින් ඔවුන්ට ළමා ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සුදුසු පරිසරයක් සකස් කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී දරුවන්ගේ දෙමව්පියන් සඳහා උපදේශනාත්මක වැඩසටහනක් පැවැත්වුණු අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකය සහ නිලධාරිනියන් විසින් දරුවන් සමඟ උපදේශනාත්මක, සෞන්දර්යාත්මක සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලැබීය.
අධි අවදානම් සහිත දරුවන් කණ්ඩායම්වලට වෙන් කර, එක් එක් කණ්ඩායම සඳහා නිලධාරිනියන් දෙදෙනෙකු බැගින් පත් කර ඔවුන්ගේ ගැටළු හඳුනාගෙන වාර්තා කිරීමද මෙහිදී සිදු විය.
මෙම වැඩසටහන සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් සහිත දරුවන් 78 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී වූ අතර, දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.











Leave a Reply