මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මනෝ විද්‍යාත්මක දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ, මිරිස්වත්ත ස්ටඩි වේ සූපවේදී පුහුණු ආයතනයේදී පසුගියදා පැවැත්විණි.
අලුත්ගම නැඟෙනහිර මහජන ආරක්ෂක කමිටුව හා යක්කල පොලිස් ප්‍රජා සහ පරිසරය ඒකකය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ සේවය කරන නිලධාරීන් වන සුගත් පතිරණ සහ අයේෂ් රසික යන මහත්වරුන් විසින් සහභාගීවූවන් වෙත මත්ද්‍රව්‍ය භාවිතයේ මානසික හා සමාජීය බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළහ.
මෙම වැඩසටහනේදී විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමෙන් පුද්ගලයාට, පවුලට සහ සමාජයට ඇතිවන අහිතකර බලපෑම්, එයින් මිදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ මනෝවිද්‍යාත්මක උපකාර පිළිබඳ කරුණු අවධාරණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට යක්කල පොලිස් ප්‍රජා සහ පරිසරය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර, මහජන ආරක්ෂක කමිටු සභාපති නීතිඥ සරත් ධර්මසිරි, ස්ටඩි වේ සූපවේදී පුහුණු ආයතනයේ ප්‍රධානි මධුවන්ති දසනායක ඇතුළු ආරාධිතයන් සහ පුහුණුලාභීන් රැසක් සහභාගී වූහ.











Leave a Reply