මීරිගම පොලිස් වසමේ බජ්ජංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගත් ගෝඩා ලීටර් 1080ක් (බැරල් 06ක්) සහ නීති විරෝධී මත්පැන් ලීටර් 81ක් (බෝතල් 109ක්) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම මත්පැන් තොගය, මත්පැන් පෙරීමට භාවිත කළ උපකරණද සමඟින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වන අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.











Leave a Reply