ලෝක මැලේරියා දිනය අද: මැලේරියාව තුරන් කළ රටක් වුවත් අවධානය තවදුරටත් අවශ්‍යයි

ලෝක මැලේරියා දිනය අද: මැලේරියාව තුරන් කළ රටක් වුවත් අවධානය තවදුරටත් අවශ්‍යයි

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නිල වශයෙන් නම් කර තිබුණි.

අතීතයේදී මාරාන්තික වසංගතයක් ලෙස පැතිර ගිය මැලේරියා රෝගය මෙරටින් සම්පූර්ණයෙන් පාලනය කර තිබුණත්, මෑත කාලයේ විටින් විට විවිධ ප්‍රදේශවලින් රෝගීන් හමුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව 2023 වසරේ රෝගීන් 62 දෙනෙකු, 2024 වසරේ 38 දෙනෙකු සහ 2025 වසරේ 14 දෙනෙකු හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම රෝගය නැවත වසංගතයක් ලෙස පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ක්‍රමානුකූල පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media