හෙටින් පසු වැසි තත්ත්වය වැඩිවෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

හෙටින් පසු වැසි තත්ත්වය වැඩිවෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (ITCZ) ශ්‍රී ලංකාවට ආසන්නව ක්‍රියාත්මක වීම හේතුවෙන් හෙට (06) දිනෙන් පසු දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (05) දිනයේ ද පස්වරු 1ට පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලටත්, අම්පාර දිස්ත්‍රික්කයටත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

තවද, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ලැබිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 30–40 අතර තද සුළං හමන බවටද අනාවැකි පළ කර ඇත.

මධ්‍යම සහ ඌව පළාත්වලටත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් වේ.

⚠️ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media