හෙට සිට වියලි කාලගුණයේ වෙනසක් — දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි නොමැති තත්ත්වය

හෙට සිට වියලි කාලගුණයේ වෙනසක් — දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි නොමැති තත්ත්වය

හෙට (12) දින සිට දැනට පවතින වියලි කාලගුණික තත්ත්වයේ යම් වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි ස්වල්ප වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ අංශ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media