විභාග කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ, 2026 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සිය නියමිත දිනයන්හිදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
ඊයේ (31) උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධ මාධ්‍ය හමුවේදී ඇය සඳහන් කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී දැනුම් දුන් දිනවලට අනුව සිය අධ්‍යයන කටයුතු සිදුකරන ලෙස සිසුන්ට මඟපෙන්වීමක් ලබා දී ඇති බවයි.
ඉන්දිකා කුමාරි මහත්මිය පවසන්නේ, යම් හේතු මත විභාග කාලසීමා වෙනස් වීමෙන් සිසුන්ට පසුගිය කාලයේ අසීරුතාවයක් පවතින අතර, මේ වසරේ නියමිත දිනයන්හිදී විභාග පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ, අප්‍රේල් 22 – 30 දක්වා පැවැත්වීමෙන් පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර ඇත. අද (01) සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති අතර, අප්‍රේල් 30 වන දින තුන්වන අදියරේ ඇගයීම් සිදු කරන බව ඇය සඳහන් කළා.
ඒ අනුව, 2026 වසරේ විභාග දිනයන් මෙසේය:
- ශිෂ්‍යත්ව විභාග: අගෝස්තු 9
- උසස් පෙළ: අගෝස්තු 10
- සාමාන්‍ය පෙළ: දෙසැම්බර් 8











Leave a Reply