ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්

ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

බියගම ප්‍රාදේශීය ලේකම් චන්දන උඩවත්ත මහතාගේ උපදෙස් මත, බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙහිදී දෙල්ගොඩ ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇති අතර, බියගම දකුණ සහ පුවක්ගහලන්ද ප්‍රදේශවල ජනතාව ඩෙංගු අවදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසල, ශ්‍රී මහින්ද දහම් පාසල සහ මාබිම ශ්‍රී නන්දන දහම් පාසල කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රමදාන වැඩසටහන් ද පැවැත්වූ බව වාර්තා වේ.

ඩෙංගු මර්දන අත්පත්‍රිකා බෙදා හැරීම මගින් නිවැසියන් දැනුවත් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සමස්ත කොට්ඨාසය ආවරණය වන පරිදි දැනුවත් කිරීම් සිදු කිරීම සහ ඩෙංගු මර්දන පණිවිඩ ජනතාව වෙත ගෙන යාම ද මෙම වැඩසටහනේ අංගයක් විය.

මීට අමතරව, බියගම අපනයන සැකසුම් කලාපය ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media