2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් අනුජය වනිගසූරිය ශිෂ්‍යයා ඇගයීමේ උපහාර උත්සවයක් ගම්පහ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේදී පසුගියදා (06) පැවැත්විණි.
ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය හාන්දුපැල්පොළ පේමානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී හේෂාන් ශිෂ්‍යයා වෙත මූල්‍ය පරිත්‍යාගයක් ද ප්‍රදානය කෙරිණි.
එම පරිත්‍යාගය බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා විසින් ශිෂ්‍යයා වෙත පිළිගන්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ විදුහල්පතිවරයා සඳහන් කළේ, හේෂාන් අනුජය වනිගසූරිය ශිෂ්‍යයා උපන් ගමට, ගම්පහ ප්‍රදේශයට සහ බණ්ඩාරනායක විද්‍යාලයට ජාතික මට්ටමේ ගෞරවයක් අත්කර දී ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රදේශවාසීන් මෙලෙස උපහාර දැක්වීම අගය කරන බවත්ය.
ඉහළගම අලුත්ගම සුහද සංසදයේ අනුග්‍රාහකත්වයෙන් සහ පූර්වාරාම විහාරස්ථ දායක සභාවේ ලේකම් නන්දන චන්ද්‍රරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ, කුලඟන සමිතිය හා මිහිඳු දහම් පාසල එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට හේෂාන් ශිෂ්‍යයාගේ දෙමාපියන්, විහාරස්ථ දායක සභාවේ හර්ෂණ ජයතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.











Leave a Reply