Rebuilding Sri Lanka අරමුදලට සියැට් කැලණිය සේවකයන්ගෙන් රුපියල් ලක්ෂ 11ක පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට සියැට් කැලණිය සේවකයන්ගෙන් රුපියල් ලක්ෂ 11ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ස්ථාපිත කර ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට සියැට් සමාගමේ කැලණිය ශාඛා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන් විසින් රුපියල් 1,148,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

එම මුදල සේවකයන්ගේ එක් දිනක වැටුප ලෙස එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ චෙක්පත සියැට් සමාගමේ කැලණිය ශාඛාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ඩී.ජී.එස්.ඩී. නවරත්න මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙත ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙන ලදී.

මෙම අවස්ථාවට සියැට් කැලණිය ශාඛාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ භාණ්ඩාගාරික වයි.පී.අයි.සී. කරුණාතිලක මහතා ඇතුළු විධායක සභිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media