අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිණුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න ආශ්‍රිත ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන් පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව සහ ගංගා ආශ්‍රිතව ගමන් කරන පිරිස් අවදානම පිළිබඳ සැලකිලිමත් වන ලෙසද දැනුම්දී ඇත.

අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානම්ව සිටින ලෙසත්, නිලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media